පොලිසියේ වසර 5ක උසස්වීම් එක්ක අලුතින් 10,000කුත් සේවයට
By Aylin Zoya
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට ලබා නොදුන් උසස්වීම් කඩිනමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පොලිස් සේවය ගුණාත්මක හා වෘත්තීමය මට්ටමින් ඉදිරියට ගෙන යාම සඳහා රජය විසින් පියවර රැසක් මේ වනවිට ගෙන ඇති බවයි.
තවද, පොලිස් ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
පොලිසිය තුළ පවතින මානව සම්පත් හිඟයට විසඳුමක් ලෙස නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.