විභාගයෙන් කැපී පෙනුණු 1,252කට හෙට පත්වීම්- උපාධිධාරීනුත් රැසක් ඇතුළේ
කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණිය සඳහා තෝරාගත් නිලධාරීන් 1,252 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය හෙට (07) අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
අදාළ තනතුරු සඳහා 2025 ඔක්තෝබර් 5 වන දින පැවති විවෘත තරග විභාගයට අයදුම්කරුවන් 85,000කට ආසන්න පිරිසක් පෙනී සිටි අතර, විභාග ප්‍රතිඵල සහ 2026 මැයි 22, 23 සහ 24 යන දිනවල පැවති සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල මත දක්ෂතා පදනම් කරගෙන මෙම නිලධාරීන් තෝරාගෙන තිබේ.
මෙම තනතුරු සඳහා මූලික සුදුසුකම උසස් පෙළ වුවද, තෝරාගත් පිරිස අතර උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් ද සිටින බව සඳහන් වේ.
පත්වීම් ලබන සියලු දෙනා වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණ තරුණියන් වන අතර, සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු ලෙස සමස්ත නිලධාරීන් 1,252 දෙනෙකු පත්වීම් සඳහා සුදුසුකම් ලබා ඇත.
කළමනාකරණ සේවා නිලධාරි සේවයේ දැනට පුරප්පාඩු 1,615ක් පවතින අතර, පළමු අදියරේදී මූලික සුදුසුකම් සපුරා ඇති පිරිස පමණක් බඳවා ගන්නා බැවින්, ඉතිරි පුරප්පාඩු සඳහා දෙවන අදියරේදී බඳවා ගැනීම් සිදු කරන බව අමාත්‍ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.
2021 වසරෙන් පසු රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නොසිදුවීම හේතුවෙන් බරපතළ නිලධාරි හිඟයක් ඇති වූ බවත්, එම තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවාවන් සැපයීමේදී විවිධ දුෂ්කරතා මතුවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව 2025 වසරේදී රාජ්‍ය සේවයට 35,000කට අධික පිරිසක් බඳවා ගෙන ඇති අතර, 2026 වසර තුළ ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවයට එක්කර ගැනීමට සැලසුම් කර තිබේ.
''හරියට සමුගැනීමක්වත් තිබුණෙ නැති අපේ ආදර කතාවට ඔබේ ඇස් දිහා බලාගෙන සමාප්තියක් දෙන්න මට ලොකූ ආසාවක් තිබුණා '' අභිෂේකා සමාජ මාධ්‍ය කළඹයි
එමෙන්ම 2027 වසරේදී ද තවත් සැලකිය යුතු පිරිසක් බඳවා ගැනීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.