වැඩිහිටියන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - බලන්නකෝ ඒ මොකක්ද කියලා..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

වැඩිහිටියන්ටයි රජයෙන් මේ සුබ ආරංචිය - බලන්නකෝ ඒ මොකක්ද කියලා.. | A Formal Program For The Elderly Community

ඒ රඳවා ගැනීමේ බද්දෙන් අපහසුවට පත්ව සිටින වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් යටතේ සහන සැලසීමට විශේෂ අවධානය යොමු කරන බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අය කෙරෙන බැංකු පොලී අනුපාත සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ පැනයකට පිළිතුරු දෙමින් ය.

ඒ අනුව රුපියල් ලක්ෂයට වඩා මාසික පොලිය අඩු පිරිසගෙන් රඳවා ගන්නා පොලිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් දැනට රජයේ මුදල් ප්‍රවාහ අනුව විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

පැය 14ක්?. හෙට වතුර කැපෙන තැන් ගැන දැනගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.

පැය 14ක්?. හෙට වතුර කැපෙන තැන් ගැන දැනගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ පසුගිය කාලයේ 16% ක් ව තිබුණු ණය පොලී අනුපාතය 9% තෙක් අඩු කර ඇති බවත් මෙරට වැඩිහිටි ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ පැහැදිලි අවබෝධයක් පවතින බවත් සැලසුම් සහගත නොවී ක්ෂණික විසඳුම් ලබාදීම වෙනුවට පවතින මුදල් ප්‍රවාහ අනුව විධිමත් වැඩපිළිවෙළක් යටතේ මේ සඳහා ක්‍රියාත්මක වන බවත් ය.

You may like this video ?