ජාතික සත්වෝද්‍යානයට වසර 90 යි – සංවත්සරයට වැඩසටහන් රැසක්

Report

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 90 වැනි සංවත්සරය ජූලි 3 වැනිදා සමරන අතර, ඒ සමඟ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

වසර 90ක් පුරා සත්ව සුබසාධනය, විද්‍යාත්මක පර්යේෂණ, සංරක්ෂණ අභිජනනය සහ පාරිසරික අධ්‍යාපනය සඳහා කැපවී සිටින ජාතික මධ්‍යස්ථානයක් ලෙස දෙහිවල ජාතික සත්වෝද්‍යානය සුවිශේෂී සේවාවක් ඉටු කර ඇති බවද සඳහන් වේ.

සංවත්සරයට සමගාමීව, මහජන ආකර්ෂණයට ලක් වූ සිංහ පැටවුන් දෙදෙනා සඳහා මහජනතාව විසින් යෝජනා කරන ලද නම් අතරින් තෝරාගත් නිල නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එම නම් යෝජනා කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානයද එදින සිදු කෙරේ.

ලංකාවේ දරුවන්ටත් සමාජ මාධ්‍ය භාවිතයට විලංගු - පැනවෙන දැඩි සිමා ගැන දෙමව්පියන්ට දැනුවත් වෙන්න

ලංකාවේ දරුවන්ටත් සමාජ මාධ්‍ය භාවිතයට විලංගු - පැනවෙන දැඩි සිමා ගැන දෙමව්පියන්ට දැනුවත් වෙන්න

එදින සිංහ පැටවුන් දෙදෙනා සිය මව සමඟ සිංහ දූපත තුළ නරඹන්නන්ට දැකබලා ගැනීමටද විශේෂ අවස්ථාවක් සලසා ඇත.

එමෙන්ම, සත්වෝද්‍යානයේ උපත ලැබූ නයිල් හිපෝ පැටවා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නියමිත අතර, එම හිපෝ පැටවාට නමක් තැබීමේ අවස්ථාව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සඳහා ලබාදීමටද තීරණය කර ඇත.

මින් මැදුර, සමනල උයන සහ අධ්‍යාපනික ප්‍රදර්ශන ඇතුළු විශේෂ ආකර්ෂණීය අංග ඔස්සේ සොබාදහමේ අත්දැකීම් විඳීමට නරඹන්නන්ට අවස්ථාව සැලසෙන අතර, මෙම විශේෂ අත්දැකීම් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත පැමිණෙන ලෙස සියලු දේශීය හා විදේශීය සංචාරකයන්ට ආරාධනා කර සිටී.

මේ ශීතකරණ සහ වායු සමිකරණ ලංකාවට ආනයනය කිරීම තහනම් බවට අති විශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසියක්

මේ ශීතකරණ සහ වායු සමිකරණ ලංකාවට ආනයනය කිරීම තහනම් බවට අති විශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසියක්