නයිජීරියාවේ ගංවතුර තත්ත්වයක් සමඟ සත්වෝද්‍යානයක සතුන් පලා යයි...
By Parami Dissanayake
නයිජීරියාවට බලපා ඇති ගංවතුර තත්ත්වයත් සමග Sanda Kyarimi සත්වෝද්‍යානයේ සතුන් පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව වාර්තා වන්නේ, එම සතුන් ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් වීදිවල සැරිසරමින් සිටි බවයි.
මෙලෙස පැන ගිය සතුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර එම සතුන් සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.