සියල්ල කලඹමින් රත්ගම වෙඩිතැබීමක්
25 හැවිරිදි තරුණයෙකු රෝහලට රත්ගම ප්‍රදේශයේදී අද (28) රාත්‍රී 8.15ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුව තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිදිරි මලිඳු ප්‍රසන් නමැති තරුණයෙකි. පාදයකට වෙඩි වැදී තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලීසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් යොදවා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.