ශ්‍රී ලාංකික ශූරියාව! ආසියානූ රයිෆල් ශූරතා තරගයෙන් රිදී සහ ලෝහ පදක්කම්..

Report

ඉන්දියාවේ පැවති ආසියානූ රයිෆල් පිස්තෝල වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට – 2026 සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ (10) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් (02) දින සිට (10) දක්වා ආසියානූ වෙඩි තැබීමේ සම්මේලනයේ සහ ඉන්දීය රයිෆල් සංගමයේ සංවිධායකත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්වා තිබුණා.

එහිදී කනිෂ්ඨ වායු රයිෆල් කාන්තා අංශය යටතේ තරග කළ උමායා කුමාරසිරි රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියා. ඇය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්.එසේම වායු පිස්තෝල යෞවන මීටර් 10 කාන්තා ඉසව්වට සහභාගී වූ ප්‍රභා රහුමාන් , සිනදි කොඩිකාර සහ රේනියා රණසිංහ යන තිදෙනා ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඔවුන් ඊයේ (10) දින රාත්‍රී 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තො ටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා ජාතික රයිෆල් සංගමයේ නිලධාරීන් ,පාසැල් වල ගුරු භවතුන් සහ දෙමාපියන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.