තරුණයින්ට දුම්වැටි මිලදී ගැනීම තහනම් කරයි..
England
World
By Aruna
බ්‍රිතාන්‍යයේ තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමට එරට රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, එම යෝජනාවක නීතියක් ලෙස සම්මත වුවහොත් දුම්වැටි මිලදී ගැනීමේ වයස සෑම වසරකම, වසරකින් ඉහළ දැමීම සිදුවනු ඇති බවයි.
ඒ අනුව 2040 වන විට තරුණ ප්‍රජාව අතර දුම්පානය කඩිනමින් නතර කිරීමට හැකි වනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
දුම්පානය හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහා සෑම වසරකම පවුම් බිලියන 17ක් වැය වන බව ද වාර්තා වේ.