කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට ඇසෙන කතාවක්..

Report

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙවර ජනාධිපතිවරණයට අදාළව පළමු මනාප සලකුණු කිරීම හෙටින් ඇරඹේ ..

මෙවර ජනාධිපතිවරණයට අදාළව පළමු මනාප සලකුණු කිරීම හෙටින් ඇරඹේ ..

මොහු යාපනය උඩුවිල් ප්‍රදේශයේ පදිංචි , පෞද්ගලික මූල්‍ය සමාගමක ක්ෂේත්‍ර නිලධාරීවරයෙකු ලෙස සේවය කළ 36 හැවිරිදි තරුණයෙකි .

ඔහු ඊයේ(02) දින රාත්‍රී 06.50 ට දෝහා වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඇමෙරිකානු ඩොලර් 60 ක මුදලක් වැය කර, කටුනායක ගුවන් තොටුපොළ සේද මාවත ව්‍යාපාරික පංතියේ පහසුකම් සහිත විශේෂ පර්යන්තය වෙත පිවිස තිබේ .

මසක සිරදඩුවමට ගිය රැදවියකු හදිසියේ අත් වුනු ඉරණම ..

මසක සිරදඩුවමට ගිය රැදවියකු හදිසියේ අත් වුනු ඉරණම ..

එහිදී ආගමන විගමන, රේගු නිලධාරීන් මෙම පර්යන්තය වෙත පැමිණ එම මගීන්ගේ නිශ්කාශන කටයුතු සිදු කිරීම සිදු වේ . ඒ අනුව මෙම ද්‍රවිඩ ජාතික තරුණයා වෙත පැමිණි ආගමන විගමන නිලධාරීන් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඇති වූ සැකය මත , ඔහු එම පර්යන්තයෙන් දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා ගෙන ගොස් , එහි සේවයේ නිරත නිලධාරීන් වෙත භාර දී තිබේ .