වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයකු ඝාතනය කළ සිද්ධිය ගැන පරික්ෂණ CIDයට
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කළ සැකකරුවෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.
අප්‍රේල් 01 වැනිදා රාත්‍රියේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිස් නිලධාරීන් විසින් සැකකරු රෝහල්ගත කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සහ රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) සිට විමර්ශන ආරම්භ කර ඇත.
