හිටපු ජනපති පුතාගේ ගිණුමේ රුපියල් මිලියන 59කට අධික මුදලක් - එළියට ආ ඇත්ත..

CID - Sri Lanka Police Rajapaksa Family Yoshitha Rajapaksa Latest Headlines
By Sewvandhi Feb 11, 2025 04:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසන්නේ, රුපියල් මිලියන 59කට අධික මුදලක් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ගේ හවුල් ගිණුමක පැවැති බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන විමර්ශනයෙන් හෙළි වූ බවයි.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඩේසි ෆොරෙස්ට් නම් කාන්තාව අදාළ නඩුවේ සැකකාරියක ලෙස නම් කර නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ,රත්මලාන - සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් සහිත ඉඩමක් මිල දී ගැනීමේ සිද්ධියකට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ පසුගිය ජනවාරි 27 වැනිදා අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ දින 02කට පසු ඇප මත මුදාහැරුණා.

මේ වනවිට නඩුකරයක් පවතින මෙම ඉඩමේ ප්‍රධාන සැකකාරිය ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නමැත්තිය නම්කර තිබෙනවා.

මේ අතර මූල්‍ය අපරාධ විමර්ශනය සඳහා නව ඒකකයක් පිහිටුවීම ඇතුළු පොලිස් පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් සිදුකළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.

You may like this video 👇


ReeCha