යෝගට් සහ කිරිපැකට් එකක මිලත් ඉහළ නගී..වැඩි වූ මිල ගණන් මෙන්න..
යෝගට් සහ කිරි පැකට් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.
එහි සභාපති අසේල සම්පත් මහතා අද (13) මේ සම්බන්ධයෙන් සම්පූර්ණ හෙළිදරව්වක් සිදු කළා.
ඒ අනුව, VAT බද්ද හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ.
මේ අනුව යෝගට් කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් තිබෙන අතර,රුපියල් 70 ට පැවති යෝගට් කෝප්පය රුපියල් 80ක් දක්වා ඉහළ ගොස් තිබේ.
160ට පැවති හයිලන්ඩ් කිරි පැකට්ටුවක මිල ඉහළ ගොස් ඇත්තේ, රුපියල් 40කින්.
ඒ අනුව එහි නව මිල රුපියල් 200ක් වනු ඇති.
එමෙන් ම පාසල් දරුවන් වැඩි වශයෙන් පානය කරන කිරි පැකට්ටුවක මිල ද රුපියල් 20කින් ද වැඩි වී ඇත.