ජල හිඟය සහ දැඩි උණුසුම හමුවේ යාල ජාතික වනෝද්‍යානයෙන් හදිසි තීරණයක්
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන්ට සහ වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්, යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 ලබන 14 වැනිදා සිට වසාදැමීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ වියළි කලාපයට අයත් යාල කලාප අංක 01 සහ 02 මෙන්ම මන්නාරම සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද නිලධාරීන් අවධානයෙන් කටයුතු කරමින් සිටින බව මංජුල මරරත්න මහතා සඳහන් කර තිබේ.
අවශ්‍ය අවස්ථාවලදී අදාළ වනෝද්‍යාන වසා දැමීමට හෝ සතුන්ට සහ නිලධාරීන්ට තාප ආතතියෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ
"තියෙන උෂණාධික කාලගුණය එකක් වැඩ කරන්න අපහසුයි. අපිට ඇත්තට සිද්ධ වුණේ යාල ජාතික වනෝද්‍යානය ලබන 14 වනදා ඉඳන් වසා දමන්න කලාප අංක එක1 සහ 02 පමණයි. මොකද අපිට සතුන්ට ජලය හිඟ වෙනවා වගේම තාපයෙන් වෙන ආතතියත් බලපානවා. ඉතින් එකේ වැඩකරන නිලධාරීන්ටත් ඒ ප්‍රශ්නය තියෙනවා. විශාල වශයෙන් සංචාරක ජීප් රථ ගමන්කරන අතරතුර මේ වැඩත් කරගෙන යාමේ ලොකු අපහාසුවක් අපිට එනවා. ඉදිරියේදී යාලේ කලාප අංක 1ට තමයි ලොකුවට බලපාන්නේ. මේකෙදි අපි දන්නවා ලංකාවේ ශුෂ්ක කලාපයට එන්නේ යාල කලාප අංක 1 සහ 2 ඒ වගේම වයඹ දිග වෙරළ තීරයේ මන්නානරම සහ විල්පත්ත ජාතික වනෝද්‍යානයේ තන්තිරිමලේ ඒ ප්‍රදේශ ටික තියෙන නිලධාරීන් කළමනාකරන කරමින් පවතිනවා, අවශ්‍ය අවස්ථාවලදී ඒ උද්‍යාන වසා දැමීමට හෝ මේ තියෙන තාප ආතතියෙන් සතුන් හා නිලධාරීන්ට නිදහසේ වැඩකිරීමේ හැකියාව ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා."
යනුවෙන් එතුමා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා ඇත