යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන මාර්ගය හදිසියේම වසාදමයි..හේතුව මෙන්න.(VIDEO)

Report

යාල ජාතික වනෝද්‍යානයට මේ දින වල ඇද හැලෙන අධික වාර්ෂාව නිසා උද්‍යානයේ මාර්ග පද්ධතිය දැඩි ලෙස හානියට පත්ව තිබෙන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් වනෝද්‍යානයේ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දාමා ඇති බවයි උද්‍යාන භාර නිලධාරී මනෝජ් විද්‍යාරත්න මහතා පැවසුවේ.

ඒ මහතාගේ මගපෙන්වීම යටතේ අනෙකුත් නිලධාරීගේ ද සහායෙන් එම මාර්ගයේ සංවර්ධන කටයුතු මේ දින වල කඩිනමින් සිදුකරමින් පවතී.

ගගන ප්‍රවෘත්ති අංශය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝජ් විද්‍යාරත්න මහතා කියා සිටියේ, අබලන්වූ මාර්ගය හැකි ඉකිමනින් පිලිසකර එය යළි දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත්ත කිරීමට පියවර ගන්නා බවයි.

මීට අදාල විශේෂ වීඩියෝවක් පහතින්,