ඊලොන් මස්ක් ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග පැවති අදහස් හුවමාරුවකදී, සියලුම "X" ගිණුම් හිමියන්ගෙන් මාසිකව අය කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.
එමගින් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙනයාම පාලනය කළ හැකි බව ඔහු පවසයි.
මෙම සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන්ට මාසිකව යම් මුදලක් ගෙවීමට සිදුවුවහොත් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යන්නන් ක්‍රමානුකූලව ඉවත්විය හැකි බවයි, ටෙස්ලා සහ ස්පේස් X හි ප්‍රධානියාද වන මස්ක් පවසන්නේ.
මේ වන විට X ගිණුම් හිමියන්ගෙන් කිසිදු මුදලක් අයනොකෙරෙන නමුත් එහි පරිශීලකයින්ට මුදල් ගෙවා X Premium හා සම්බන්ධ විය හැකිය.
ඒ ඔස්සේ පරිශීලකයින්ට විශේෂ පහසුකම් සපයයි.
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මස්ක් ට්විටර් ජාලය මිලදී ගැනීමෙන් අනතුරුව එය X ලෙස වෙනස් කළේය.