වැඩ වැරදුණු කොන්දොස්තරවරුන්ට මොකද වෙන්නේ
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා ප්‍රකාශ කරනුයේ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ වැටලීම් වලදී 360 දෙනෙකුට දඩ නිකුත් කළ බවයි.
මෙම වැටලීමේදී බස් රථ 2,478ක් පමණ පරීක්ෂාවට ලක්කර තිබේ. ඒ හරහා මෙම වැරදිකරුවන් හදුනාගෙන ඇත.
ඉකුත් ඔක්තෝබර් 01 දා සිට මෙම පරීක්ෂාවන් සිදුව තිබේ. මුල් දින 14 තුළ දැනුවත් කිරීම් අවවාද කිරීම් පමණක් සිදු කර ඇත. සභාපතිවරයා සඳහන් කරන්නේ මෙම දඩ නිකුත් කිරීම් අතර ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ කොන්දොස්තරවරුන් 132ක්, ප්‍රවේශපත්‍ර ලබා නොගත් මගීන් හත් දෙනෙක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 221 දෙනෙක් සිටින බවයි .
තවද පරිපාලන නිලධාරී ධාවන , තේජා ජයසුන්දර මහතා ප්‍රකාශ කරන්නේ පසුගිය 15 වැනිදා සිට ප්‍රවේශපත්‍ර ලබා නොගත් මගීන් හත් දෙනෙකුට රුපියල් සියයක අධි භාරයක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අය කළ බවයි.
එවගේම ප්‍රවේශපත්‍ර ලබා නොදුන් කොන්දොස්තරවරුන් 132 දෙනාට රුපියල් 750ක දඩයක් නිකුත් කොට, දින තුනක් සේවය අත්හිටුවා එක්දින වැඩමුළුවකට යොමු කළ බවද සඳහන් වේ.
තවද රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 221 දෙනෙකුට ද දඩ නිකුත් කර, සේවය අත්හිටුවා වැඩමුළුවකට යොමු කර ඇත.
රියදුරන් ජංගම දුරකථන භාවිතා කරමින් රිය පැදවීම, බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම, ව්‍යාජ බලපත්‍ර සන්තකයේ තබා ගැනීම ඇතුළු වැරදි රාශියක් මේ සදහා හේතු වී ඇත.
මෙම වැටලීම් 1993 අංක 3 දරණ ප්‍රඥප්තියට අනුව සිදුකරනු ලබයි.
සභාපතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම බස් රථ සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් හෝ යෝජනාවක් වෙතොත් 0112-860860 අංකයට හෝ 0702-860860 වට්ස්ඇප් අංකයට තොරතුරු ලබා දෙන ලෙසයි.