මුළු පාසලක් බිය වද්දමින් සොයා ගත් දේ - බෝම්බ නිෂ්ක්‍රීය අංශයත් එයි
දෙවන ලෝක යුද සමයේ භාවිතා කළ බව කියන උණ්ඩ තොගයක් රත්මලාන බොරුපන බිහිරි විද්‍යාල භූමියේ වළදමා තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කරයි.
එ අනුව එහි තිබී එම උණ්ඩ 1,770 ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
පොලීසිය වාර්තා කළේ එම විද්‍යාලයේ ගුරුවරයකු පාසලේ දරුවන් සමඟ කසල දැමීමට වළක් කපමින් සිටියදි බිස්කට් දවටන දෙකක ඔතා තිබූ එම උණ්ඩ තොගය මුලින්ම දැක ඇති බවයි.
පසුව ඒ සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනියට දැනුම් දීමෙන් පසුව ඇය විසින් 119 දුරකථන මධ්‍යස්ථානය මඟින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇත.
එහිදී අඩි තුනක් පමණ ගැඹුරකින් යුත් එම වලේ උණ්ඩ තිබී ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.
පසුව තවත් උණ්ඩ එම වලේ ඇද්දයි සොයා බැලීමට කළුබෝවිල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ව දැනුවත් කිරීමෙන් පසුව බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදු කළ පරික්ෂාවේදී තවත් උණ්ඩ තොගයක් එම වලේ තිබී සොයාගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.