නොවැම්බර් 15 වනවිට ලෝක ජනගහනයට වෙන දේ මෙන්න..
World Health Day
By Aruna
ලබන නොවැම්බර් මස 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 සීමාව ඉක්මවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරනවා.
එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වුණේ 2030 වසර වනවිට එය බිලියන 8.5ක් වනු ඇති බවටයි.
උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යාම සහ මරණ අනුපාතය අඩුවීම මීට හේතුවක් වන බවයි එහි දැක්වෙන්නේ.
ඉදිරියේ දී මරණ අනුපාතය තවදුරටත් අඩුවෙමින් 2050 වසරේ දී සාමාන්‍ය ආයු කාලය වසර 77ක් දක්වා ඉහළ යනු ඇති බවයි ඔවුන් නිකුත් කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |