හිටිහැටියේම ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළට - ට්‍රම්ප් කරන වැඩෙන් ඔක්කොම කණපිට
අද (01) දින ලෝක වෙළෙඳපොළේ රන් මිල තරමක් පහළ ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මැදපෙරදිග පවතින ආතතිකාරී තත්ත්වය මෙන්ම මෙම සතියේ නිකුත් කිරීමට නියමිත ප්‍රධාන අමෙරිකානු ශ්‍රම වෙළෙඳපොළ දත්ත පිළිබඳව වෙළෙඳුන්ගේ අවධානය යොමුවීම ඊට හේතුව බවයි.
ඒ අනුව, ස්පොට් රන් අවුන්සයක මිල 0.3%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 4,437.10ක් ලෙස සටහන් වී ඇති අතර අනාගත ගනුදෙනුකරුවන් සමග කරන රන් ගනුදෙනුවලදී රන් මිල 0.1%කින් ඉහළ ගොස් ඩොලර් 4,485.30ක් දක්වා ඉහළ ගොස් ඇත.
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පිළිබඳව අනතුරු අඟවා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් මැදපෙරදිග ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, තෙල් මිලද අඛණ්ඩව දෙවැනි දිනටත් ඉහළ ගොස් ඇති බවයි.
විශ්ලේෂකයින් සඳහන් කරන්නේ විශේෂයෙන්ම පොලී අනුපාත ඉහළ යාම සාමාන්‍යයෙන් පොලී ආදායම් ලබාදෙන වත්කම්වල ආකර්ෂණය වැඩි කරන බැවින් රන් මිලට පීඩනයක් එල්ල කරන බවයි.
ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි
අනෙකුත් වටිනා ලෝහ අතර, රිදී මිල 0.3%කින් ඉහළ ගොස් අවුන්සයකට ඩොලර් 66.34ක් ලෙසත්, ප්ලැටිනම් මිල 0.1%කින් ඉහළ ගොස් ඩොලර් 1,793.03ක් ලෙසත් සටහන් වී තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ පැලේඩියම් මිල ඩොලර් 1,356.75ක් ලෙස සටහන් වන බවයි.