ලෝක ආහාර දිනය අදයි.

By Hashini Oct 16, 2023 04:32 AM GMT
Report

 ලෝක ආහාර දිනය අදට (16) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ '' ජලය ජීවය සැපයීම'' යන්නයි.

මෙම වසරේ තේමාව ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෑත කාලීන අර්බුදවලින් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණෙද්දී ශ්‍රී ලංකාව දිගු කාලින තිරසාර බවට ප්‍රමුඛත්වය දෙමින් එහි සියලුම පුරවැසියන්ට ආහාර ආරක්ෂිතතාව සහතික කරමින් සහ සෙසු රටවලට ආදර්ශයක් ලබා දෙමින් කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසක් ඇත කල යුතු බවයි.