ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් සොයා පෙරටුගාමීන් යාපනයට
ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් සොයා පෙරටුගාමීන් යාපනයට ජාතික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබා දෙන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් උදෙසා පෙළගැස්මේ අරමුණින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සංවිධානය කරනු ලබන "යෝජනා සහ සාකච්ඡා සභාව" 2026 ඔක්තෝබර් 18 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
"ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක්!" යන තේමාව යටතේ යාපනය YMCA ශාලාවේදී එදින පෙ.ව. 10.00 ට මෙම විශේෂ සාකච්ඡා සභාව ආරම්භ වීමට නියමිත අතර, එහිදී ක්ෂේත්ර ගණනාවක නියෝජිතයින් සහ දේශපාලන ක්රියාකාරීන් රැසක් ප්රධාන අදහස් දැක්වීම් සිදු කිරීමට නියමිතය.
එලෙස අදහස් දැක්වීමට නියමිත ප්රධාන කථිකයින් අතර කුමාර් ගුණරත්නම් - ප්රධාන ලේකම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සී. කේ. සෙන්දිවේල් - ප්රධාන ලේකම්, නව-ප්රජාතන්ත්රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය ඥානදේවි - නිදහස උදෙසා කාන්තා ව්යාපාරය මහේන්ද්රන් තිරුවරංගන් - ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, යාපනය විශ්වවිද්යාලය වී. වීරසිංගම් - සමාජ ක්රියාකාරික පී. රයාකරන් - ලේඛක. ජාතික ගැටලුව වෙනුවෙන් සාධාරණ දේශපාලන විසඳුමක් උදෙසා හඬනගන මෙම විශේෂ වැඩසටහන සඳහා එකතු වන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලු දෙනාට ඇරයුම් කර සිටියි.
''ජාතිවාදය හා ආගම්වාදය පතුරුවා ආණ්ඩුව පෙරළීමට පිරිසක් උත්සාහ කරනවා'' - ලාල්කාන්තගෙන් දැඩි ප්රකාශයක්
ෆ්ලයිට් එකක නැගලා යනකොට මිසයිලයක් ගැහුවාම ඔක්කොම ඉවරයි.. හිටපු ජනපති මහින්දව මරන්න ගහපු මිලේච්ඡ සැලැස්ම - සියල්ල වමාරයි