පොඩි දේටත් කේන්ති යනවාද? Relationship කැඩෙන්නේ ආදරේ නැති නිසා නෙවෙයි- මෙන්න හේතුව

Report

වර්තමාන සමාජය බොහෝ විට ජීවත්වෙන්නේ රක්ෂා ඇතුළේ , පවුල ඇතුලේ ගොඩක් ලොකු පීඩනයකින් ඒ නිසා එකමුතුකත්වය සහජීවනය හැමෝගෙන්ම ඕනෙ කාරණයක් ,

ඉතිං රණ්ඩු වෙන එක Relationship එකක් ඇතුළේ වුණත් සාමාන්‍ය දෙයක් .ඒත් නිතරම කේන්ති යනවනම් අනිවාර්‍යෙන් ඒ දේ ගැන හිතන්නම වෙනවා.

හැමෝම ආදරේ කරන අමා කියන වෙනස්ම කතාව මෙන්න

හැමෝම ආදරේ කරන අමා කියන වෙනස්ම කතාව මෙන්න

ඉතිං ආදරණිය ජීවිත ඇතුළේ සහයෝගයෙන් ජීවත් වෙන්න අපූරු උපදෙසක් පොලීසිය විසින් තම මුහුණුපත හරහා සමාජගත කරලා තිබුණා . ඒ වටින උපදෙස ඔයාලත් බලන්නකෝ කොයිතරම් ජීවිතේට වැදගත්ද කියලා

අද අපි ජීවත් වෙන්නේ දැඩි පීඩනයකින් පිරුණු සමාජයක. මේ පීඩනය නිසා පොඩි දේටත් කේන්ති යන එක, රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි මේ කේන්තිය සහ රණ්ඩු නිසා අපේ පවුල්, අපේ සම්බන්ධතා, අපේ සමාජය විනාශ වෙනවා. අද මිනිස්සු පාරේ තොටේ යන්නේ නිකන් "Trigger" වෙන්න බලාගෙන ඉන්න බෝම්බ වගේ. පවුල් ඇතුළේ, Relationship ඇතුළේ පොඩි දේටත් රණ්ඩු වෙන්නේ ආදරේ නැතිකමකට වඩා, හැමෝම ඇතුළෙන් දරුණු විදිහට Stress වෙලා ඉන්න නිසයි. මේ පීඩනය පාලනය කරගන්න හැමෝම එකතු වෙන්න ඕනේ. කේන්ති නොගෙන, අන් අයගේ අදහස්වලට සවන් දෙන්න. වැරදි සිදු විය හැක. එකිනෙකාට සමාව දී ප්‍රශ්නය විසඳා ගන්න. ඔබේ පවුලේ අයට, මිතුරන්ට සහ අසල්වැසියන්ට උදව් කරන්න.

Gallery