කාන්තාවන්ගෙන් 90%ක්ම ප්‍රසිද්ධියේ කරන මැජික් එක මෙන්න..අතිශයින්ම කාන්තාවන්ට පමණයි..

Report

කාන්තාවන්ගේ 90%ක් ම තමන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යජාලා වෙත එක්කිරීමට පෙර ඒ සඳහා filter හෝ වෙනත් සංස්කරණ ක්‍රමවේදයක් භාවිතා කරන බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ,මෙම සමීක්ෂණය සඳහා තරුණ කාන්තාවන් 175ක් යොදවාගෙන ඇති බවයි .

කාන්තාවන්ගෙන් සියයට අනූවක්ම ඔවුන්ගේ හකු හෝ නාසය සකස් කරන අතර, විශේෂයෙන්ම සම පැහැපත් කිරීමට මෙම ෆිල්ටර් යොදා ගන්නවා.

විශේෂයෙන් ම දත් පවා සුදු කරන්නට ඔවුන් උත්සාහ ගන්න බව සඳහන්.

ඉන්ස්ටග්රෑම් සමාජ මාධ්‍ය තුළ මෙය බහුල වශයෙන් දැක ගත හැකි බවයි සමීක්ෂණය සිදු කළ මහාචාර්ය ගිල් සඳහන් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now