නිපා වයිරසය උඩු දුවයි - කාන්තාවක් මරුට

Report

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට නිපා වෛරස් ආසාදනයෙන් බංග්ලාදේශයේ අවුරුදු 40 ක කාන්තාවක් මිය ගොස් ඇති බව තහවුරු කර ඇත.

  එසේ නමුත් රෝගය ජාත්‍යන්තරව පැතිරීමේ අවදානම අඩු බව ද සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එම රෝගියා බංග්ලාදේශයේ රාජ්ෂා ප්‍රදේශයේ නාඕගොන් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක් බව වාර්තා වේ.

ඇයට පසුගිය ජනවාරි 21 වනදා පළමුවෙන්ම උණ සහ ස්නායු රෝග ලක්ෂණ ඇති වූ බව සඳහන්. ජනවාරි 28 වන දින ඇය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී උගුරේ තුවාල ඇති බව සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඇත්තේ ඇයට නීපා වෛරස් ආසාදනය වී ඇති බව පසුව සිදුකළ රුධිර සහ අනෙකුත් රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

පෙබරවාරි 3 වනදා වන විට බංග්ලාදේශය ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පද්ධතිය හරහා මේ රෝගී තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත නිල වශයෙන් දැනුම් දුන් බව සඳහන් වේ.

සෞඛ්‍ය නිලධාරීන් විසින් රෝගියා සමඟ සම්බන්ධ වූ පුද්ගලයින් 35 දෙනෙකු හඳුනාගෙන පරීක්ෂා කර ඇති අතර, ඒ අතරින් මේ දක්වා අමතර රෝගීන් කිසිවෙකු හඳුනාගෙන නොමැති බව පවසයි.

2001 සිට බංග්ලාදේශය රෝගීන් 348 ක් වාර්තා කර ඇති අතර ඉන් අඩක් පමණ අමු රට ඉඳි පරිභෝජනයට ගත් පිරිස බව සනාථ වී තිබේ.අදාල කාන්තාවද ඒවා ආහාරයට ගෙන තිබේ.

රටම බලන් සිටි චෙම්මනි සමූහ සුසාන නඩුවේ තීරණය

රටම බලන් සිටි චෙම්මනි සමූහ සුසාන නඩුවේ තීරණය

බංග්ලාදේශයේ නීපා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම දෙසැම්බර් සහ අප්‍රේල් අතර කාලයේ සිදුවන අතර එය නැවුම් අමු ඉදි යුෂ අස්වැන්න නෙළනා කාලය සමඟ සමපාත වන කාල පරිච්ඡේදයක් බව සඳහන් වේ.

වෛරසය සඳහා දැනට බලපත්‍රලාභී එන්නත් හෝ නිශ්චිත ප්‍රතිවෛරස් ප්‍රතිකාර නොමැති අතර රෝගය සඳහා ඉහළ මරණ අනුපාතයක් ඇති අතර එය සියයට 40 ත් 75 ත් අතර අගයක් වියහැකි බව පුරෝකතනය කර ඇත.

විමල් වීරවංශට ලෝක නඩුවක් - මේ පාරනම් බේරිල්ලක් නෑ වගේ

විමල් වීරවංශට ලෝක නඩුවක් - මේ පාරනම් බේරිල්ලක් නෑ වගේ