කාන්තාවක් අයිස් සමඟ අත්අඩංගුවට...

By Parami Dissanayake Sep 09, 2024 01:26 PM GMT
Report

රත්මලාන ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 520ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 29ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ.

සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනවා.