මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට
By Hashini
අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 850 ක් සහ ගංජා කිලෝ 02 ග්‍රෑම් 100 ක් සොයාගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකාරිය 44 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.
මට්ටක්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.