කොටහේන ඝාතනයට කාන්තාවක් අත්අඩංගුවට
කොටහේන ප්රදේශයේ ඉකුත්දා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ කාන්තාවක් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඉකුත් 07 වන දින කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.
අඳාළ සිද්ධිය සම්බන්ධව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක් වූ ආදුරුප්පුවීදිය කොළඹ 13 ප්රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.
ඒ අනුව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයේදී හෙළි කර ගෙන ඇත්තේ මෙම අපරාධය සිදු කිරීමට විදේශගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු සමග සම්බන්ධ වී අපරාධකරුවන්ට මෝටර් රථයක් ලබා දීම සහ මරණකරු ගමන් ගන්නා මාර්ගය සම්බන්ධව තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට මෙම සැකකාරිය විසින් ලබා දී ඇති බවයි.
ඒ ඔස්සේ සිදුකළ වැඩිදුර විමර්ශන මත මෙම සැකකාරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන බව සඳහන්.