සලේ වෙනුවෙන් ජනමතය නිර්මාණය වූ නිසා දැන් ආණ්ඩුව බයවෙලා ඉන්නේ - විමල්
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් ද සිල්වා කොටුව බන්ධනාගාරය තුළදී අමානුෂික ලෙස සැලකීම හේතුවෙන් මේ වන විට කොළඹ කොටුවේ තෙවෙනි දිනටත් දැවැන්ත සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ වෙනුවෙන් ප්‍රබල දේශපාලන නායකයන් රැසක් සම්බන්ධ වී මාධ්‍යයට අදහස් දක්වන ලදී.
කන්නේ නැතුව උපවාස කරන්නේ ඇත්තටම ගෝඨාභය නිසා.. ලංකාවම රවට්ටන සුරේෂ් සලේගේ බොරුව ආරක්ෂක ඇමති රටටම එළි කරයි
එහිදී විමල් වීරවංශ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය,
"මේ රටේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට බන්ධනාගාරය තුළ අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් අපි දියත් කරන සත්‍යග්‍රහය අද තුන්වැනි දිනයටත් සාර්ථකව පවත්වනවා
ආණ්ඩුව මේ සත්‍යග්‍රහයට එරෙහිව පක්ෂපාතීව කටයුතු කරන බව අපට වාර්තා වෙනවා. ඊබ්‍රාහීම් නානාගේ පුත්‍රයන් දෙදෙනා පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා.
පොලිසිය පරීක්ෂා කිරීමට යද්දී ලේලිය ද මරාගෙන මැරුණා. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා යන අයට යම් තැනකදී අපහසුතා ඇති කරනවා නම් එය කණගාටුදායකයි.
සැබෑ අපරාධකරුවන් පෙනි පෙනී සිටියදී නිවැරදි පුද්ගලයන් වැරදිකරුවන් බවට පත් කර ඇති බව හා එමෙන්ම යුක්තිය සෙවීමට අවශ්‍ය නම් පැලවත්ත කාර්යාලයට යන්න කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කළා.