හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ යළි රිමාන්ඩ්
ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ලබන 28 වැනි දින තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) දින නියෝග කර ඇත.
ඒ අනුව එදිනට සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග ලබා දී තිබෙනවා.
හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග - හෙට වෙනකල් රටම නොයිවසිල්ලෙන්