පාසල් නිවාඩුව දීර්ඝ වෙයි? - දැන් ලැබුණු අලුත්ම ආරංචි මෙන්න.
            
                
                By Wayomi
            
            
                
                
            
        
    පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තීරණය ගෙන ඇත්තේ, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී බව සඳහන්.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 2,313කට අයත් පුද්ගලයින් 23,707 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවත් ඔවුන් මේ වනවිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල නවතා ඇති බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කර සිටියේ.