අන්තිමට දරුවන් 3000ක් මිය යද්දි බයිඩ්න්ට ඇති වෙලා..- ඊශ්‍රායාල පලස්තීන ගැටුම නවතීද...? ලෝකයේම අවදානය යොමු වුණු බයිඩ්න්ගේ ප්‍රකාශය.
ඊශ්‍රායලට එල්ල වුණු හමාස් ප්‍රහාරයක් හේතුවෙන් පසුගිය මාසයේ 7 වෙනිදා ලෝකයේම යුද ගිනි ඇවිලෙන ස්වරූපයක් ගත්තා.
මෙහිදි ඇමරිකාව ඊශ්‍රායලට සහය දක්වන බවටත් එය ස්මාට් ඉන්වෙස්මන්ට් එකක් බව පවසමින් ජෝ බයිඩ්න් කොග්‍රසයෙන් මුදල් පවා ඉල්ලා සිටියා.
කෙසේ හෝ සටන් විරාමයකට එළඹීම සදහා වන යෝජනාවටද අමෙරිකාව පසුගිය දිනවල සිය විරෝධය පළ කළා.
කෙසේ හෝ එවන් පසුබිමක හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වන විට ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එම ප්‍රකාශය පිළිබදව මේ වන ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ ද ගාසා තීරයේ දරුණු සටන් පැවති අතර ගාසා තීරයේ හිරවී සිටි විදෙස් ජාතිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට යෑමට ඊයේ අවස්ථාව ලැබුණා.
එහිදී විවිධ රටවල පුද්ගලයින් 400ක් සහ තුවාල ලබා සිටි විශාල පිරිසක් ඊජිප්තුවට යන අයුරු දක්නට ලැබුණු අතර කෙසේ හෝ බයිඩ්න් ගේ ප්‍රකාශය හමුවේ යුද තත්වය වෙනස් මුහුණුවරක් ගනියිද පිළිබදව ලෝකයෙම අවධානය යොමුව තිබෙනවා.
