96 වසරක ඉතිහාසය තුළ කිසි විටෙකත් අවලංගු කර නැති ඔස්කාර් සම්මාන උළෙලට මෙවර කුමක් සිදුවේද..

Los Angeles Hollywood World Oscars
By Piyumika Jan 19, 2025 05:48 AM GMT
Piyumika

Piyumika

Report

ලොවක් කම්පා කළ ලොස් ඇන්ජලීස් ලැව්ගිනි තත්ත්වය හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, බොහෝමයක් ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බවයි.

බොහෝ දෙනෙකුට නිවාස අහිමි කළ, ජීවිත අහිමි කළ විනාශකාරී ලැව්ගිනි හමුවේ හොලිවුඩ් තරු රැසකට ද තම නිවෙස්වලින් පලා යාමට සිදුව තිබුණා.

ලැව්ගිනි හටගැනුනේ, සම්මාන උළෙල පැවැත්වීමට නියමිත ආසන්නත කාලයකදී යි.

ඝාතන රැල්ලක්ද ?.. අභිරහස් ලෙස මිය ගිය නාඳුනන මළ සිරුරු කිහිපයක්...

ඝාතන රැල්ලක්ද ?.. අභිරහස් ලෙස මිය ගිය නාඳුනන මළ සිරුරු කිහිපයක්...

ඒ අනුව 97 වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මාර්තු 2 වන දින පැවැත්වීමටයි කටයුතු සංවිධානව ඇත්තේ.

එහි නාම යෝජනා නිවේදනය ඊයේ (ජනවාරි 17) සිදු කිරීමට නියමිතව තිබූ නමුත්, සංවිධායකයින් විසින් එය ජනවාරි 23 දක්වා කල් දමා තිබෙනවා.

එවන් තත්ත්වයක් මත 2025 ඔස්කාර් සම්මාන උළෙල අවලංගු කළ හැකි බවට මේ වන විටත් අනුමාන කිරීම් සිදුවෙමින් පවතියි.

කෙසේ නමුත්, පැතිර යන කටකතා සම්බන්ධයෙන් සංවිධායක මඬුල්ලේ ඇතැම් සාමාජිකයින් සඳහන් කර ඇත්තේ සම්මාන උළෙල නියමිත පරිදි සිදුවනු ඇති බවයි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලියවුනු වාර්තාගත මත්ද්‍රව්‍ය වැටලීම...(PHOTOS)

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලියවුනු වාර්තාගත මත්ද්‍රව්‍ය වැටලීම...(PHOTOS)

මේ සම්බන්ධයෙන් ‘ද සන්’ පුවත්පතේ මෑත කාලීන වාර්තාවක සඳහන් වූයේ ඇකඩමි සම්මාන උළෙල සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා පළවන බවයි.

මෙවන් මතභේදාත්මක තත්ත්වයක, සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් හැකි ඉක්මනින් ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඔස්කාර් සම්මාන උළෙල, 96 වසරක ඉතිහාසය තුළ කිසි විටෙකත් අවලංගු කර නැත.

කොවිඩ් -19 වසංගතය අතරතුර පවා, උත්සවය කල් දමා සීමිත අමුත්තන් සහ බොහෝ දෙනෙක් අන්තර්ජාලය හරහා එක්වෙමින් පවත්වනු ලැබීම විශේෂ ය.

You may like this video

ReeCha