මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

Report

 පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ වැඩි කතාබහට ලක් වුනු චරිතය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙන්නේ එවැනි පසුබිමකයි.

අද (14) එම පෙත්සම මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින්. 

භයානයක ලෙස රෝගීන්ගේ වැඩි වීමක්...අවධානයෙන් ඉන්න....

භයානයක ලෙස රෝගීන්ගේ වැඩි වීමක්...අවධානයෙන් ඉන්න....