මතීෂට බැරිවුණොත් මධුශංක එයිද?
ඔස්ට්‍රේලියාව සමගින් පෙරේදා (16වැනිදා) පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගය අතරතුර ආබාධයකට ලක්වූ මතීෂ පතිරණ ඊයේ එම්.ආර්.අයි. පරීක්ෂණයකට ලක්කර තිබූ අතර එහි ප්‍රතිඵලය අනුව ඔහු තවදුරටත් ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට එක්වීම හෝ නොවීම තීරණය වීමට නියමිතව තිබුණි.
නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල නොවන ආරංචි මාර්ග අනුව උද්ගත තත්ත්වය මත මතීෂගේ දායකත්වය ශ්‍රී ලංකා සංචිතයට නොලැබීම සඳහා වැඩි සම්භාවිතාවක් තිබේ.
කලවය ප්‍රදේශයේ සිදුව ඇති මතීෂගේ ආබාධය සුව වීමට යම් කලක් ගතවන බව වෛද්‍ය නිගමනය වුවහොත් ඔහු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කරන්නේ කව්රුන්ද යන්න ගැන මේ වන විටත් සාකච්ඡා සිදු කරනු ලබයි .
ඒ අනුව යම් ලෙසකින් ආදේශනයක් සිදුකරන්නේ නම් ඒ සඳහා දිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු යන නම් යෝජනා වී ඇති අතර ඒ අතරින් දිල්ෂාන් මධුශංක හට ප්‍රමුඛත්වය හිමවන බවක් පෙනෙන්නට ඇත ආබාධ හේතුවෙන් මේ වන විටත් පන්දුවාර 20 ලෝක කුසලාන සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදුව තිබේ.
ඒ අනුව තරගාවලිය ඇරැඹුමට පෙර යෙදුණු එංගලන්තය සමග තරගාවලියේදී ආබාධයකට ලක්වූ එශාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුශාන් ද, ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය වූ අයර්ලන්තය සමග තරගයේදී ආබාධයට ලක්වූ වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්තද සංචිතයට එක්කර තිබේ .