ඔක්කොම අළු වෙද්දි මෙයා විතරක් බේරිලා - ලෝකෙම කතාවෙන පුදුමය බලන්නකෝ..(VIDEO)
අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම ලැව්ගින්න ලෙස වාර්තා අතරට එක්ව ඇති පැසිෆික් පැලිසේඩ් ලැව්ගිනි ආරම්භ වී මේ වනවිට දින 6ක කාලයක් ගත වී ඇති අතර එයින් මියගිය පිරිස විසි හතරක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලැව්ගිනි පාලනයට අදාළ අංශ දැඩි පරිශ්‍රමයක් දරණ පසුබිමක වුවත් ඒවා සම්පූර්ණයෙන් පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්ව නැහැ.බහුතර මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊටන් ලැව්ගින්න පැතිර ගිය කලාපයෙනි.
අක්කර 40,000 ඉක්මවූ භූමි ප්‍රමාණයක පැතිර ගිය ලැව්ගින්නෙන් හානි වී හෝ විනාශ වී ඇති ගොඩනැගිලි ගණන 12,000 ඉක්මවයි. ඒ අනුව මේ වනවිට ගණන් බලා ඇත්තේ. මෙම ව්‍යසනයෙන් සිදුව ඇති හානිය අමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන බවය.
කාලගුණ බලධාරීන් අනතුරු අඟවන්නේ,මෙවන් පසුබිමක බදාදා දිනය දක්වා පැයට කිලෝමීටර 96ක් දක්වා වූ සුළඟේ වේගයක් වාර්තා විය හැකි බවයි.
මේ අතර පැසිෆික් පැලිසේඩ් ලැව්ගින්නෙන් මාලිබූහි පැසිෆික් වෙරළාසන්නයේ පිහිටි සෑම ගොඩනැගිල්ලක්ම පාහේ විනාශ වූ පසුබිමක ලැව්ගින්නෙන් කිසිදු හානියක් සිදු නොවූ ඩොලර් මිලියන 9කට ආසන්න වටිනාකමක් ඇති සුඛෝපභෝගී නිවසක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.