විදුලි රැහැනක ගැටී වන අලියෙකු මරුට

Report

වවුනියාවේ කනගරායන්කුලම, කුරිසුඩ්ඩකුලම ප්‍රදේශයේදී අනවසරයෙන් ඉදිකර තිබූ විදුලි වැටකට ගැටීමෙන් වන අලියෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

වවුනියාව වනජීවී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ වගාවක් වට කොට අනවසරයෙන් සකස් කළ විදුලි වැටක් හේතුවෙන් එම වන අලියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ ලග්න වලට අද සුභම සුභයි

මේ ලග්න වලට අද සුභම සුභයි

මෙම සිද්ධිය සම්බන්ධයෙන්, ඉඩමේ අයිතිකරු හා වගාව රැකබලාගත් පුද්ගලයෙකු වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද වාර්තා වේ.

මෙම   සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි 

දැන් හරිනේ - නිළි ශ්‍රීමාලි පද්මේ එක්ක ගත්තු පින්තූර එළියට

දැන් හරිනේ - නිළි ශ්‍රීමාලි පද්මේ එක්ක ගත්තු පින්තූර එළියට