වන අලියෙකුගේ පහර දීමෙන් ධීවරයෙක් මරුට

By Gagana News Mar 10, 2025 09:43 PM GMT
Report

කිරින්ද, අදගලවැල්ල අබලන් සපත්තු බෝක්කුව අසලදී වන අලියෙකුගේ පහරදීමෙන් අද(10) අලුයම ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කිරින්ද පොලිසිය සඳහන් කරයි.

මෙම ධීවරයා මාගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට ධීවර රැකියාවේ යෙදීමට කිරින්ද ධීවර වරායට පාපැදියකින් පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාගම පට්ටියවෙලයාය ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 55ක් වන සිංගක්කාර ගණිතගේ ගුණතිලක නමැති පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි. 

ජීවිතක්ෂයට පත් ධීවරයාගේ දේහය දෙබරවැව මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ. 

යෝෂිතට ළමා අපචාර චෝදනාවක්...

යෝෂිතට ළමා අපචාර චෝදනාවක්...

රෑට කෑම ලෑස්ති... උදේ දවල්ටත් කන්න දෙනවලු...හැබැයි නොමිලේ...!!!

රෑට කෑම ලෑස්ති... උදේ දවල්ටත් කන්න දෙනවලු...හැබැයි නොමිලේ...!!!