වනජීවී නිලධාරීයකුට වල් ඌරෙකු පහර දෙයි
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි වනජීවී නිලධාරීයකුට වල් ඌරෙකු පහර දී තිබේ .
පහර කෑමෙන් බරපතල ලෙස පාදවලට තුවාල සිදුවූ එම නිලධාරීවරයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත .
මොහු එළුවන්කුලම වනජීවි කාර්යාලයට අයත් රථයකින් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පොම්පරිප්පුව ආසන්නයෙන් ගොස් රථයෙන් බැස තවත් නිලධාරීන් තිදෙනෙකු සමග රාත්‍රී මුර සංචාරයේ නිරත වෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇත.