විජයදාස රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර කළ විශේෂ දේ මෙන්න..

Election Commission of Sri Lanka Dr Wijeyadasa Rajapakshe Political Development
By Aruna Aug 01, 2024 04:49 AM GMT
Aruna

Aruna

Report

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුවයි. 

මේ අනුව, 2024 ජනාධිපතිවරණයට විජයදාස රාජපක්ෂ මහතා ඇතුළුව මේ දක්වා අපේක්ෂකයන් 06 දෙනෙකු පමණ ඇප මුදල් තැන්පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..


පසුගිය 29 වනදා වන විට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇපමුදල් තැන්පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දෙනු ලැබීය.

එමගින් දන්වා ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සරත් කීර්තිරත්න යන මහත්වරුන් මෙලෙස මුදල් ගෙවා ඇති බවයි.

එමෙන්ම සමාජ ක්‍රියාකාරි ඔෂල හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණ යටතේ ඇප තබා තිබෙනවා.

ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින්, ඒ.එස්.පී ලියනගේ මහතා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉන්දීය සුපිරි රංගන ශිල්පිණියක් ගුවන්තොටු පොලට පැමිණීමෙන් දැඩි උණුසුම් තත්ත්වයක්..(PHOTOS)

ඉන්දීය සුපිරි රංගන ශිල්පිණියක් ගුවන්තොටු පොලට පැමිණීමෙන් දැඩි උණුසුම් තත්ත්වයක්..(PHOTOS)


මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ඉයේ දිනයේ සිදු කෙරිණි.

ReeCha