පක්ෂ නඩු දැමූ විජේදාස, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස වැඩ භාරගනී
ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අද (13) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුර භාරගෙන ඇත.
පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී ඔහු මෙම තනතුරට පත් කරන ලද අතර, එය පක්ෂය තුළ දිගුකාලීන ගැටළු විසඳීමක ප්‍රතිඵලයක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ දිගුකාලීන නීතිමය ආරවුල් දැන් විසඳා ඇති බවත්, සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳීම සඳහා විජේදාස රාජපක්ෂ සමඟ එකඟතාවයකට පැමිණි බවත් මීට පෙර පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබිණි.
විජේදාස රාජපක්ෂ පක්ෂයට සම්බන්ධ අධිකරණ නඩු හයක් ඉල්ලා අස්කර ගෙන ඇති බවත්, ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත දේශපාලන වැඩසටහනට සහාය දැක්වීමට ආරාධනා කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.