ලෝක මැලේරියා දිනයේදී WHO හෙළිකළ අනාවරණය මොකද්ද?

By Zara Apr 25, 2025 02:45 PM GMT
Report

මැලේරියාව හේතුවෙන් සෑම මිනිත්තුවකට වරක් ලෝකයට මිනිස් ජීවිතයක් අහිමිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

අදට (අප්‍රේල් 25) යෙදෙන 'ලෝක මැලේරියා දිනය' වෙනුවෙන් කරුණු රැසක් අනාවරණය කරමින් එම සංවිධානය මේ බව හෙළිකර ඇත.

අදාළ අනාවරණය අනුව ලොව පුරා සිදුවන මැලේරියා මරණවලින් 95% ක්ම වාර්තාවන්නේ අප්‍රිකානු කලාපයේය.

එහි ඇති බරපතළම කරුණ වන්නේ ලොව පුරා ව්‍යාප්තව ඇති මැලේරියා වසංගතයෙන් තුනෙන් දෙකක් අප්‍රිකාවේ රටවල් 11ක් අතර පැතිර තිබීමයි.

මේ අතර 2000 වසරේ සිට ගතවූ කාලය තුළ මැලේරියා රෝගීන් බිලියන 2.2ක් වාර්තා වී ඇත.

ඉන් 2023 වසරේ දී පමණක් රටවල් 83කින් මැලේරියා රෝගීන් මිලියන 263ක් වාර්තා වී ඇති අතර, එම වසරේ දී සිදුව ඇති මරණ ගණන 597,000ක් ලෙස වාර්තා වී තිබේ.

අනුරගෙන් මෝදිට ලැබුණු අමුතු ඇමතුම

අනුරගෙන් මෝදිට ලැබුණු අමුතු ඇමතුම

දේශබන්දුට එරෙහි කමිටුවේ සහායට ඇතුලත් වුනු අලුත් නම් දෙක

දේශබන්දුට එරෙහි කමිටුවේ සහායට ඇතුලත් වුනු අලුත් නම් දෙක