පාතාලයට සම්බන්ධ දේශපාලකයන්ගෙන් නම් කඩිනමින් එළියට
By Gagana News
පාතාලය හා සම්බන්ධ දේශපාලඥයින් පිළිබඳව ඉදිරියේදී ජනතාවට දැනගත හැකි බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
පාතාල කණ්ඩායම් ගැන සහ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති අපරාධ සම්බන්ධව පොලිසිය විසින් දැනට සිදුකරන විමර්ශන අනුව අදාල දේශපාලඥයින් කවුදැයි හෙළිකර ගත හැකි බවයි ඔහු කියා සිටියේ.
වත්මන් රජය කිසිම අයුරකින් පාතාලයට සහායක් නොදක්වන බවද ඔහු පවසා සිටියා.
පසුගිය දිනවල සංවිධානාත්මක අපරාධ කල්ලි සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවවේ මාමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.