කවුද මේ දේශබන්දු ?

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation Inspector General of Police Deshabandu Tennakoon
By Aruna Mar 20, 2025 01:15 AM GMT
Aruna

Aruna

Report

තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් නමින් 1971 මාර්තු 7 දින දේශබන්දු තෙන්නකෝන් උපත ලැබුවා .

ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනයට එක් වූ අතර එහි ඔහු කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වනවා. ශ්‍රී 

ලාංකික පොලිස් නිලධාරියෙකි.

ඔහු ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පතිවරයා 36 වැනිවේ.

කට...කට...පරිස්සම්...!!! ඥාතියෙකුට එකඟ වන්න එපා... ඔයාටයි මේ කියන්නේ

කට...කට...පරිස්සම්...!!! ඥාතියෙකුට එකඟ වන්න එපා... ඔයාටයි මේ කියන්නේ

කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයකට අනුව මේ වනවිට මෙරට තුළ නීත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු නොමැත. 

ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව මාස 03ක කාලයක් සඳහා පත්කර තිබූනා.

ධුරයේ වැඩබැලීමට පත්වූ පසුව දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන අතර මත්ද්‍රව්‍ය මර්දනයට සහ සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා පියවර ගන්නා බවය.

ශ්‍රී ලංකාවේ වඩාත් අභියෝගාත්මක පොලිස් පරිපාලන ප්‍රදේශය වන බස්නාහිර පළාත භාරව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් සේවයට එක් වූයේ 1998 පෙබරවාරි 23 වනදාය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිසිසුවකු වන ඒ මහතා පොලිස් සේවයට එක්වූයේ සහකාර පොලිස් නිලධාරියෙකු ලෙසය.

මිරිහානේ පිහිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සිට නුගේගොඩ පොලිස් කොට්ඨාසය සිසාරා ප්‍රජා පොලිස් ඒකක පිහිටුවීමට පෙරමුණ ගැනීම නිසා දේශබන්දු තෙන්නකෝන් මහතා එවක කාගේත් අවධානයට පාත්‍ර වුණි.

කොළඹ ආරක්ෂාවට සහ පාතාල අපරාධ ක්‍රියා මර්දනයට ‘Security Eye’ නමැති සංකල්පය හඳුන්වා දෙමින් දරුණු අපරාධකරුවන් මර්දනය, මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, මහජන ආරක්ෂක කමිටු පිහිටුවා පොලීසිය සහ මහජනතාව අතර සම්බන්ධය ගොඩනැඟීම, කොවිඩ් හමුවේ අසරණභාවයට පත්වූ ජනතාවට පහසුකම් සපයමින් ව්‍යසන ව්‍යාප්තිය පාලනය මෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ "සවිය" ප්‍රජා මූල වැඩසටහන සාර්ථකව දියත්කිරීම නිසා දේශබන්දු තෙන්නකෝන් මහතා ඇගයීමට ලක්වුණි.

පොලිස්පති ලෙස මෙතෙක් කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණු නමුත් ඔහුට ජනපතිවරයා විසින් අවස්ථා 04කදී සේවා දිගු ලබාදෙනු ලැබීය.

ඒ මහතාට ලබාදුන් සිව්වන සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පළ නොවූ අතර ඉකුත් සිකුරාදායින් සේවා දිගුව අවසන් වීමත් සමග තමා විශ්‍රාම ගන්නා බව ඒ මහතා දැනුම් දී තිබුණි.

ඒ අනුව නව පොලිස්පති ලෙස සේවා දිගුවේ ලබාගත් අත්දැකීම් සහ ජ්‍යේෂ්ඨත්වය මත පදනම්ව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන තිදෙනාගේ නම් යෝජනාවී තිබුණි.

දේශබන්දුට ජීවිත තර්ජනයක්?

දේශබන්දුට ජීවිත තර්ජනයක්?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඒ අතරින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාව මාස තුනක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබීය.

නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් පසු ඒ මහතා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය.

ReeCha