එකක් ඉවර වෙද්දි තව එකක්

Sri Lanka Police Sri Lanka Inter University Students Federation Strike Sri Lanka Sinhala news
By Kaushi May 18, 2025 01:40 PM GMT
Kaushi

Kaushi

Report

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත.

ඒ උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු, උසස්වීම් සහ සති අන්ත නිවාඩු දීමනා ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් බව වාර්තා වේ.

ඒ අනුව මෙම සංකේත වැඩ වර්ජනය එළඹෙන 22 වන දින ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එම මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.

රාමනාදන් අර්චුනා එළියට ...? ලැයිස්තුවේ කාන්තාවක් ඇතුලට

රාමනාදන් අර්චුනා එළියට ...? ලැයිස්තුවේ කාන්තාවක් ඇතුලට

එසේම එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත් වූ විරෝධතාව ආණ්ඩුව විසින් මර්දනය කිරීම හෙළා දකින බවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙරේදා පස්වරුවේ එසේ විරෝධතාවක් ආරම්භ කළේ සම සෞඛ්‍ය සේවාව ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තීන් සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් බඳවා ගැනීමට විරුද්ධවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය අසල පැවති එම විරෝධතාවයේ දී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 9 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව මුදා හැර තිබුණා.

එම විරෝධතාව මර්දනයට ආණ්ඩුව ක්‍රියා කළ බව කියමින් ඊට විරුද්ධව ඊයේ දින මහනුවර නගරයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය පන්දම් විරෝධතාවක ද නිරත විය.

කෙසේ නමුත් එළඹෙන 22 දින එක් දින වැඩ වර්ජනයක නිරත වීමට හේතුව පරිපූරක වෛද්‍ය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු විසඳීමට රජය මැදිහත් නොවීම බව පවසයි.

ඉස්සරහට නැති වෙන්න යන කෑම

ඉස්සරහට නැති වෙන්න යන කෑම

තව ද පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් සේවාවන් 2 ක පාඨමාලා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට ඉකුත් දා පැවති තරග විභාගයෙන් සුදුසුකම් ලත් අපේක්ෂකයන්ගේ සම්මුඛ පරීක්ෂණය ඊයේ දින පවත්වා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ඔවුන්ගෙන් 494 ක පිරිසක් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන්ට බඳවා ගැනීමට නියමිත බවයි.

ReeCha