වට්ස්ඇප් වල අලුත්ම වෙනසක් සිදුවෙයි..සියලු ගිණුම් වලට මේ Update එක දෙන්න.

Report

ජනප්‍රිය ක්ෂණික පණිවුඩකරණ සේවාවක් වන WhatsApp මෘදුකාංගයේ ඩෙස්ක්ටොප් යෙදුමට ප්‍රධාන යාවත්කාලීනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වට්ස්ඇප් මෘදුකාංගය සක්‍රිය කර ඇති ප්‍රාථමික දුරකථනය ක්‍රියා විරහිත වුවද යොමු කරනු ලබන පණිවිඩ ඩෙස්ක්ටොප් යෙදුමට ලැබෙන අයුරින් එම යාවත්කාලින කිරීම සිදුකර ඇත.

පරිශීලකයින්ට දැන් තනි WhatsApp ගිණුමට උපාංග (Devices) හතරක් සම්බන්ධ කිරීමට හැකියාව ලබාදී ඇති අතර වට්ස්ඇප් ගිණුම සක්‍රිය කර ඇති ප්‍රාථමික උපාංගයේ අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති වුවද සෙසු උපාංග 04ට ස්වාධීනව ගිණුමේ ක්‍රියාකිරීමේ හැකියාව පවතින බවයි මේටා සමාගම සඳහන් කර සිටින්නේ.

Windows සඳහා වන නව WhatsApp යෙදුමේ දී වීඩියෝ ඇමතුමක් සඳහා දැන් පුද්ගලයින් 8 දෙනෙකු දක්වා සහ ශ්‍රව්‍ය ඇමතුම් වලදී පුද්ගලයන් 32 දක්වා කණ්ඩායම් වීඩියෝ සහ ශ්‍රව්‍ය ඇමතුම් වැනි විශේෂාංග සඳහා එක් කර ගැනීමට සහය දක්වනු ලබනවා.

ඔබ Windows PC පරිශීලකයෙක් නම්, WhatsApp මෘදුකාංගය සඳහා වූ නවතම යාවත්කාලින කිරීම පහත ඇති යෙදුමෙන් බාගත හැකිය.

whatsapp.com/download



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.