කවුද හිතුවේ අන්නාසි කෑවට මෙහෙම දෙයක් - දන්නවා නම් කන්නත් බය වෙයි
අන්නාසි කියන්නේ කොයි කවුරුත් කන්න කැමති ඉතා ප්‍රණීත පලතුරක්. ඒ නිසාම අපි අන්නාසි විවිධ විදිහට ආහාරයට එකතු කරගන්නවා. හැබැයි අන්නාසි කන ගොඩක් දෙනෙක් දන්නේ නැති කතාවක් තියෙනවා.
ඉතින් අපි හිතුවා ඒ කතාවේ තියෙන විද්‍යාත්මක පැත්තත් එක්කම ඔබට මේ කතාව කියන්න.
සාමාන්‍යයෙන් ගොඩක් අය අන්නාසි කද්දී කියන දෙයක් තමා කට හිරිවැටෙනවා එහෙම නැත්තම් දිව කනවා වගේ දැනෙනවා කියන එක.

ඒකට හේතුව තමයි මේ අන්නාසිවල තියෙන 'බ්‍රොමෙලයින්' (Bromelain) කියන සුවිශේෂී එන්සයිමයයි.
ඇත්තටම මේ බ්‍රොමෙලයින් කියන එන්සයිමයට ප්‍රෝටීන දියකර හැරීමේ පුදුම හැකියාවක් තියෙනවා.
ඒ අනුව ඔබ අන්නාසි හපන විට, එහි ඇති බ්‍රොමෙලයින් ඔබේ දිවේ සහ කම්මුල් ඇතුළත පටලවල ඇති ප්‍රෝටීන දිය කරන්න උත්සාහයක් ගන්නවා
. මේ කතාව සරලවම කිව්වොත් අන්නාසි ඔබව ආහාරයට ගන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් මස් පිසීමේදී මස්වල ඇති තද ගතිය නැති කර මෘදු කිරීමට (Meat Tenderizer) අපි අන්නාසි පාවිච්චි කරනවා වගේම අන්නාසි කෑවම අපේ කටට වෙන්නෙත් ඒ දේම තමයි.

හැබැයි මෙතනදි මිනිස් ශරීරය අන්නාසිවලට වඩා බලවත් වෙනවා. මොකද ඔබ අන්නාසි කෑල්ල ගිලපු ගමන් ඔබේ බඩේ තියෙන අම්ල මඟින් ඒ එන්සයිමය විනාශ කර දමලා අපේ කටේ සෛල ඉතා ඉක්මනින් නැවත අලුත්වැඩියා වීමක් සිදු වෙනවා.
ඒ වගේම අන්නාසි කනකොට දිවට දැනෙන මේ දේ අඩු කරගන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්න ක්‍රමයක් තමා අන්නාසි කෑමට පෙර ලුණු වතුරේ පොඟවා ගැනීම.
අන්න එතකොටත් අන්නාසිවල තියෙන බ්‍රොමෙලයින් ක්‍රියාකාරීත්වය මඳක් අඩු වෙනවා කියලා කියනවා.
කොහොම වුණත් ආයේ නම් අන්නාසි කද්දි කට කහනවා වගේ දැනුනොත් ඔන්න මේ කියපු කතාව ඔයාලට මතක් වෙන්න පුළුවන්.

