මොකක්ද මේ මිරිස් අයිස්ක්‍රීම් කතාව...
පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු සමත්ව ඇති අතර, නිෂ්පාදනය කරන ලද මිරිස් අයිස්ක්‍රීම් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට පිරිනමා තිබෙන බව වාර්තා වේ.
වැලිමඩ දරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම නිෂ්පාදනය සිදු කර ඇති අතර, ඌව විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ මාර්ගොපදේශකත්වය යටතේ මෙම මිරිස් අයිස්ක්‍රීම් වට්ටෝරුව පිළිබඳ පර්යේෂණ සිදුකර තිබෙනවා.
මෙම මිරිස් අයිස්ක්‍රීම් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙඳපලට හඳුන්වා දෙන අතර පැණි රස හා මිරිස් සැර එකට එකතු කර නවමු රසයක් මෙම අයිස්ක්‍රීම් රස විඳීමට හැකි බව සඳහන් වේ.
බීජ ලබා ගැනීම සඳහා යොදාගන්නා වියලි මිරිස්වල පොත්ත උපයෝගී කර ගනිමින් මෙම අතුරු නිෂ්පාදනය කර ඇත.
මෙහි විශේෂත්වය නම්, මෙම නිෂ්පාදනය දරුවන්ට හා වැඩිහිටියන්ට වශයෙන් විශේෂ දෙකක් හඳුන්වා දී තිබීමයි.
