'සිරි නිවස' නිල නිවසට මොකද වෙන්නේ?

Colombo Sinhala news SriLanka News - Gagana Vraie Cally Balthazaar
By Hashini Jul 11, 2025 05:49 AM GMT
Hashini

Hashini

Report

කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසන්නේ කොළඹ නගරාධිපති නිල නිවස පොරොන්දු වූ පරිදි නගරයේ දරුවන්ටත්, කලා කටයුතුවලටත්, පොදු කටයුතු හා පරිපාලන වැඩ සඳහා ලබාදෙන බවයි.

නගරාධිපතිනිය මේ බව සඳහන් කර ඇත්තේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

කොළඹ නගර සභාවේ පාලනය ජාතික ජන බලවේගය විසින් භාර ගත් පසුව එහි අමතර වියදම් රැසක් අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, කොළඹ නගරාධිපතිට හිමි නිල නිවස පෞද්ගලිකව පරිහරණය නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එමෙන්ම, එම නිල නිවස පරිපාලනමය කටයුතු සහ නිල හමුවීම්වලට වෙන් කර ඇති අතර පාසල් දරුවන්ට කියවීමේ රුචිය ඇති කිරීම පිණිස වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ දිනවල කොළඹ නගරාධිපති නිල නිවස දින කීපයක් සඳහා ඉන්දීය චිත්‍රපටයක රූගත කිරීම සඳහා ලබා දී තිබෙනවා.

"ඔයාගේ ඉංග්‍රීසි ලස්සනයි. කොහෙන්ද ඉගෙනගත්තේ" ජනපතිට හොද කියූ ට්‍රම්ප්

"ඔයාගේ ඉංග්‍රීසි ලස්සනයි. කොහෙන්ද ඉගෙනගත්තේ" ජනපතිට හොද කියූ ට්‍රම්ප්

මේ සම්බන්ධයෙන් කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් තැබූ සටහන පහතින්,

සිරිනිවසේ (Mayors Residence) සති දෙකකට ආසන්න කාලයකට ඉන්දියානු film එකක් shoot කලා… අපිත් බලන්න ගියේ shooting අවසන් වෙනවත් එක්කම වගේ. මේ නිවස විශාල ජනතා මුදල් ප්‍රමාණයකින් නඩත්තු වුන එකකි.

දැන් මොකක්ද මෙතැනට වෙන්නෙ?…

සරලයි— අපි පොරොන්දු වූ පරිදී, නගරයේ දරුවන්ටත්, කලා කටයුතු වලටත්, පොදු කටයුතු හා අපේ පරිපාලන වැඩවලටත් මේ නිවස භාවිතා වෙනවා.”

උසස් පෙළ ගැන විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ ගැන විශේෂ දැනුම් දීමක්

ReeCha