අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය වලට සිදුවන දේ.
By Wayomi
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කර ගැනීමට පරික්ෂා කිරීම් සිදු කළත් එය සාර්ථක කර ගැනීමට නම් පාසල් කරා මත්ද්‍රව්‍ය පැමිණෙන මාර්ග අවහිර කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සඳහන් කරනවා.
ඇය මේ බව කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ ඊයේ (20) පැවති මුල් විය සංවර්ධනය පිළිබඳව පෙර පාසල් පාලිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.
එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ, සිංගප්පූරුව වැනි රටවල් වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දෙනු ලබන දඬුවම් ආකාරයටම මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන්ට ලබාදිය යුතු බවයි.
එමෙන්ම අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය විවිධ ක්‍රමවලින් බැහැරට යන බවත්, මේවා රටට පැමිණිම වැළැක්වීම සඳහා සාගරේ මෙන්ම ගුවනේ ආරක්ෂාව දැඩි කළ යුතු බවත් ඇය සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |