විශ්‍රාම වැටුපටත් කෙළ වෙයි...දත්ත පද්ධතියේ බිඳ වැටීම...

Sri Lanka Economy of Sri Lanka Department of Pensions Latest Headlines Sinhala news
By Kaushi May 28, 2025 09:53 AM GMT
Kaushi

Kaushi

Report

පහුගිය මාස කිහිපයක පටන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇති වූ බිඳ වැටීම නිසා විශ්‍රාම වැටුප් සඳහා අයදුම්පත යොමු කිරීම ඇතුළු තවත් සේවාවන්වලට බාධා සිදු වූ බවට වාර්තා වූ ඇත.

ඒ අනුව මෙම දත්ත පද්ධතිය පසුගිය අප්‍රේල් මාසයේ පළමු සතියේදී බිඳ වැටී තිබෙනවා.

Miss world දිනන්න ඕනෙ නම් මේ විදිහට කරන්න වෙනවා...හදිස්සියෙම Live ඇවිත් අනුදි හැමෝගෙන්ම කරපු ඉල්ලීම(VIDEO)

Miss world දිනන්න ඕනෙ නම් මේ විදිහට කරන්න වෙනවා...හදිස්සියෙම Live ඇවිත් අනුදි හැමෝගෙන්ම කරපු ඉල්ලීම(VIDEO)

එසේම සේවාවන් ලබා දීම සඳහා මේ වන විට වෙනත් තාවකාලික වැඩපිළිවෙලක් යොදා ගනිමින් කටයුතු කරන බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

ඒ මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්. මෙහි දී ඔහු වැඩිදුරටත් පැවසුවේ තවමත් අදාළ සේවාවන් හි යම් මන්දගාමී තත්ත්වයක් පවතින බවයි.

එසේම මෙම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව ද සඳහන්.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

එමෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ තාවකාලික තාක්ෂණික බිඳ වැටීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීම, විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම, වැන්දඹු අනත්දරු ලියාපදිංචිය, විදේශගත වන නිලධාරීන් සඳහා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ප්‍රේෂණ කළමනාකරණය කිරීම වැනි අත්‍යවශ්‍ය මාර්ගගත සේවාවන් කිසිවක් අඩාල වී නොමැති බවයි.

තවද චාමින්ද හෙට්ටිආරච්චි මහතා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වූයේ අයවැය යෝජනා අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිතව තිබෙන විශ්‍රාම වැටුප් සංශෝධනයන් සිදු කිරීම සම්බන්ධයෙන්ද කිසිදු තාක්ෂණික බාධාවක් නොමැති බවයි.

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

ReeCha